2025 දී විදේශ රැකියා 340,000ක ඉලක්කයක්.!

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි සභාපති සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ඒ බව සඳහන් කළේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදි අදහස් දැක්වු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා 2025 වර්ෂයේදී විදේශ රැකියා මගින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

2024 වර්ෂයේදී ලාංකිකයින් 314,000ක් පමණ රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

ඒ අනුව, 2024 වර්ෂයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.51ක් විගමණික ශ්‍රමික ප්‍රේෂණ වශයෙන් ලැබුණු බව ඩී.ඩී.පී.සේනානායක මහතා සඳහන් කළේය.

2024 වර්ෂයේදී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයින් අතුරින් වෘත්තිමය රැකියා සඳහා සියයට 65%ක් හා අවම වෘත්තිමය රැකියා සඳහා සියයට 35%ක ප්‍රමාණයක් පිටත්ව ගොස් තිබෙන බව සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *