77 වැනි ජාතික නිදහස් දින උලෙළ ඉතා චාම් හා අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි.
එහිදී පාසල් දරු දැරියන් පිරිසක් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලක්මවට සිය ආචාරය පුදකර සිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක් මෙහි දැක්වේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න