ජනපති අනුර සහ වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක්.!

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා වේ.

එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහ ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට සිදුවන සහන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *