හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ගිනිඅවි 6ක් ලබාදී තිබූ බවත්, ඉන් දෙකක් තවමත් ඔහුගේ භාරයේ තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
“දැනට ඔහුගේ භාරයේ ගිනිඅවි දෙකක් තියෙනවා. එය එක් ගිනිඅවියක් බවට පත්කළ යුතුයි. ඔහුට දැනුම් දී තිබෙනවා ඉතිරි ගිනිඅවියත් භාරදෙන්න කියලා”.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් ලබාදී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ විගණනයට අනුව තවත් ගිනිඅවි 182ක ප්‍රමාණයක් නැවත භාරදී නොමැති බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න