බස්නාහිර ආණ්ඩුකාරවරයා ගැන රේගුවෙන් නිවේදනයක්!

මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත් බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා රේගුව ප්‍රතික්ෂේප කරයි.

බහාලුම් රථ තදබදයට විසඳුමක් ලෙස 2024 ජූලි 18 වන දින පත්කරන ලද පරීක්ෂණ ඒකකය විසින් අදාළ බහාලුම් 323 නිදහස් කර ඇති බවත්, එමගින් ආයුධ, රත්‍රන් සහ මත්ද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමට හෝ රේගු බදුවල කිසිදු අලාභයක් සිදුවිය නොහැකි බවත් රේගුව පවසයි.

බහාලුම් රථ තදබදයට විසඳුම් සෙවීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවේ උපදෙස් සැළකිල්ලට ගනිමින් අදාළ නිර්ණායක යටතේ පරීක්ෂණ ඒකකය විසින් බහාලුම් නිදහස් කර ඇති බව රේගුව විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

කමිටුව විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගය බහාලුම් රථ තදබදය යම් දුරකට ලිහිල් කිරීමට උපකාරී වූ බවත්, එමඟින් ආනයනකරුවන් විශාල පිරිසකට අඩු පිරිවැයක් යටතේ කෙටි කාලයක් තුළ තම බහාලුම් නිදහස් කිරීමට හැකි වූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

Spread the news

Comments

“බස්නාහිර ආණ්ඩුකාරවරයා ගැන රේගුවෙන් නිවේදනයක්!”ට එක් ප්‍රතිචාරයක්

  1. මනෝරි Avatar

    රටේ ලොකු පුටුවල් ඉන්න රාජපක්ශ පිල්ලි ගැන රජය දැනුවත් කරන්න.
    පොලීසිය රහස් පොලීසියෙ දූශන නිලදාරීන් නිසා රාරපක්ශලා බේරෙන්න පුලුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *