අමෙරිකාවේදී ගුවන් යානයක් කඩා වැටෙයි.

අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබන්නට ඇති බවය.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන්  අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
 

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *