නිවැරදි දත්ත ලබාගන්න ජන සහභාගීත්වය සහිත යාන්ත්‍රණයක් අවශ්‍යයි – අගමැති

පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සඳහා නිවැරදි දත්ත අවශ්‍ය බවත්, දත්ත එක්රැස් කරගැනීමට ජන සහභාගීත්වය සහිත  විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත්කරගැනීම පිළිබඳව ඊයෙ (10) දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, 

“නව සංවර්ධන වැඩ පිළිවෙළකට යාමේදී අපිට තිබෙන ප්‍රධාන ගැටලුව තමයි විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට ක්‍රම වේදයක් නොමැති වීම. බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් වගේම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ඉතා වැදගත් ග්‍රාමීය මට්ටමේ තොරතුරු නිවැරදි ව දන්නේ ඒ පිරිස. ඒ නිසා ප්‍රාදේශිය මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත්.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *