වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

වරෙන්තු 88ක් සඳහා අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් කටයුතු කර තිබේ.

අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු‍ 56ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන මහෙස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 88ක් නිකුත්කර තිබී ඇත.

අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *