ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.ඒ අනුව, දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂික හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ බවයි තානාපතිවරයා සඳහන් කළේ.මෙහිදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් ජාතිකයන්ද වීසා නොමැතිව සිටින බැවින්, ඒ පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳ කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ඇති බවද, ඊළඟ සාකච්ඡාවේදී මෙම ගැටලුව පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳ කමිටුව හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා ප්‍රකාශ කළා.මෙම හමුවට ඊශ්‍රායල – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආචාර්ය Tsega Melaku, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න