බස්නාහිර පළාතේ කඳාන, ජාඇළ, වත්තල, රාගම යන පොලිස් කොට්ඨාස හා දකුණ පළාතේ මාතර, ගාල්ල සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පසුගිය 04 සහ 05 යන දිනවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් දෙකකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා විවිධ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 750කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා නාවික හමුදාව එක්වූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියයි.
දකුණ පළාතේ සිදු කළ මෙහෙයුමේදී නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයන් 57 දෙනකු ද ගංජා සම්බන්ධයෙන් 28 දෙනකු ද අයිස් සම්බන්ධයෙන් 26 දෙනකු ද මත්කුඩු සම්බන්ධයෙන් 21 දෙනකු ද වරේන්තුකරුවන් 65 දෙනකු ද සැකපිට 286 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී පුද්ගලයන් 3288 දෙනකු සහ වාහන 1365ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර සැකකටයුතු වාහන 77ක් හා යතුරුපැදි 28ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 250ක් ද නාවික හමුදා නිලධාරීන් 150ක් ද ගුවන් හමුදා නිලධාරීන් 100ක් ද ගාල්ල පොලිස් කොට්ඨාසයෙන් පොලිස් නිලධාරීන් 390ක් ද මාතර පොලිස් කොට්ඨාසයෙන් පොලිස් නිලධාරීන් 385 ක් ද ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් පොලිස් නිලධාරීන් 284ක් ද සහභාගි වී තිබේ.
මේ අතර ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් කොස්ගම පොලිස් බලප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ (06දා) අලුයම අරඹා තිබිණි.
කොස්ගම, බොරළුගොඩ ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි තිදෙනකු තුවාල ලැබීමත් සමග මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අරඹා ඇත.
කොස්ගම, රුවන්වැල්ල, දෙහිඕවිට, ගලපිටමඩ සහ අවිස්සාවේල්ල යන පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා පූගොඩ කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.
මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියේ එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවද ඉදිරිය්දී ද මෙවැනි සෝදිසි මෙහෙයුම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න