උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.
ප්‍රවාහනය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැය 3ක පමණ කාලයක් පුරා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, කේ.ඩි.දුමින්ද ප්‍රසාද් පැවසීය.
මෙහිදී ඇතැම් කරුණු සඳහා අද දිනය තුළම විසඳුම් හිමිවූ බව ද පැවසු ඔහු, අනෙකුත් කරුණු සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බව ද කියා සිටියේය.
ඒ අනුව මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට එකඟවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න