ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි.!

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ.

පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි.

2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු කර තිබුණි.

පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108 කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *