තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා තවදුරටත් රිමාන්ඩ්.!

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (13) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *