ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙ‌ළක්.!

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සදහන් කරන්නේ රට තුළ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙ‌ළක් හඳුන්වා දී ඇති බව ‍ය.

මුදල් නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සදහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 %ක් පමණ වැය වන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සදහන් කරයි.

මුදල් නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බවත් ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණයට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

GOVPAY (ගවුපේ) යෙදවුම හරහා ඒ සදහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16ක් මේ වනවිට සම්බන්ධ වී ඇති බවත් ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Spread the news

Comments

One response to “ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට විශේෂ වැඩපිළිවෙ‌ළක්.!”

  1. සියලුම අස්වැසුම ලාබියාගේ පටන් මෙම ඩිජිටල් ගෙවුම කරන්නේ නම් වංචා අවම කල හැක සියලුම වෙලදසැල් කුඩා පරිමනයේ සිල්ලර හා තේ කඩය පවා මෙම ක්‍රමයට දායක කො‌ට රැපියල් පන්දහසේ නෝ‌ට්ටුව භාවිතයෙන් අවලංගු කල යුතුයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *