දිවයිනේ සිටින වල් ඌරන්ගෙන් දැනටමත් 100 ක් පමණ මිය ගොස් ඇති බවත්, අප්‍රිකානු සූකර උණ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුළු වල්ඌරු ගහණයම විනාශ වීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් වනජීවී නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.
මෙම රෝගය දැනටමත් ඌරු මස් කර්මාන්තයට විශාල හානියක් සිදුකර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් ‘ඩේලි මිරර්’ ප්‍රකාශ කර ඇති ආකාරයට, මෙම රෝගය හේතුවෙන් වල්ඌරන්ගේ මරණ ප්‍රධාන වශයෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වැනි කොටසේ සහ ගම්පහ, මීරිගම, පේරාදෙණිය, මොණරාගල වැනි නාගරික වනජීවී ප්‍රදේශවල වාර්තා වී ඇත.
සූකර ඉන්ෆ්ලුවෙන්සා(Swine influenza) යනු ඌරන්ට වැළඳෙන, ඉන්ෆ්ලුවෙන්සා A වර්ගයේ වෛරස් මගින් ඇතිවන ස්වසන රෝගයකි.
සූකරයන් තුළ බහුලව සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් “සූකර ඉන්ෆ්ලුවෙන්සා වෛරස්” ලෙස හැඳින්වේ.
වෛද්‍ය ප්‍රසාද් පවසන්නේ, මෙම රෝගයේ මරණ අනුපාතය සියයට 100 ක් වන අතර එම නිසා මුළු වල් ඌරු ගහණයම රටින් තුරන්වීමේ අවදානම පවා පවතින බවයි.
ප්‍රතිචාරයක් ලබාදෙන්න