රත්නපුර ප්‍රාදේශීය මාධ්‍යවේදී ගයාන් කුඩාගම මෙතෙක් මාධ්‍ය වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ජාතික මට්ටමේ සම්මානයකින් පිදුම් ලබයි…
තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් 2024-2025 වර්ෂවලදී ඵලදායි ලෙස එම අරමුණු කරා තම වෘත්තීය ක්ෂේත්‍රය මෙහයවූ ආයතන හා වෘත්තිකයන් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද උත්සවයේදී ගයාන් කුඩාගම මහතා මෙසේ සම්මානයට පාත්‍ර විය.
මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන ආයතනය මගිනි
උත්සවය පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මැණික් හා භූ විද්‍යා තාක්ෂණ ආයතනයේ සභාපති හා විවෘත්ත විශ්ව විද්‍යාලයෙ ජේෂ්ට මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ විද්වතුන් රැසකගෙ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.



ප්‍රතිචාරයක් ලබාදෙන්න