ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 6දෙනෙකුට මරණ දඬුවම.

අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ.

ඒ 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි.

අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ.

ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *