මාරක අනතුරු දෙකක් – දෙදෙනෙක් මරුට.

කොළඹ මහනුවර මාර්ගයේ අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ කටුවස්ගොඩ, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

බෙම්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම අනුරාධපුර පාදෙණිය මාර්ගයේ දිවුල්ලෑව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

අනතුරින් පැදිකරු හා පදික කාන්තාව බරපතළ තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ කොණ්ඩදෙණිය, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.  

අනතුර සම්බන්ධයෙන් පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *