අධිකරණ නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාව වැඩිවී තිබීම නිසා ගැටලු රැසක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණවල සේවයේ යෙදී සිටින උපලේඛනගත නොවන නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගැනීමේ ප්‍රවණතාවය වැඩිවී තිබීම නිසා පැන නැගී ඇති ගැටලු පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා දැනුවත් කර තිබෙනවා.එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ අධිකරණ නිලධාරීන් වෙත දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමේ ප්‍රවණතාව වැඩිවීම තුළින් ඇතිවන නිලධාරි පුරප්පාඩු නිසා අධිකරණ කටයුතු නිසි ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි වන බවයි.එබැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අධිකරණ නිලධාරීන්ට නිවාඩු ලබාදීම නිර්දේශ කරන්නේ නම් වර්තමාන කාර්යය මණ්ඩලයෙන් එම රාජකාරී කටයුතු කළමනාකරණය කරගත යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත දැනුම් දී තිබෙනවා.මෙසේ නිවාඩු ලබාගැනීම කරනු ලබන ඉල්ලීම් පිළිබඳව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය නිසා එම ඉල්ලීම් අදාළ දිනට සති දෙකකට පෙර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත ලැබෙන ලෙස යොමු කරන ලෙසයි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් සියලුම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දී ඇත්තේ.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න