රඳවාගෙන සිටි සැකකරුවකුගෙන් අපරාධ රැසක් අනාවරණය වෙයි
අයිස් මත්ද්රව්ය ග්රෑම් 10 යි මිලිග්රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිට අත්අඩංගුවට ගත් අවුරුදු 45 ක් වයස සැකරුවෙකු 2025-09-22 දින වත්තල පොලිසියට ඉදිරිපත් කර තිබුණා.
රැඳවුම් නියෝග මත ඔහුගෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම් වලදී හෙළි වී ඇත්තේ මොහු ප්රදේශ රැසක කොල්ලකෑම්, වෙඩි තැබීම් සම්බන්ධයෙන් අවශ්ය කර සිටි සැකකරුවෙක් බවයි.
විදෙස්ගත මත්ද්රව්ය ඡාවාරම් කරුවන් සමඟ ද මොහුගේ සමීප සම්බන්ධතාවයක් තිබී ඇති බවයි වාර්තාවන්නේ.
මොහු සම්බන්ධයෙන් අනාවරණය කරගත් අපරාධ පහත පරිදි වේ
1 කිරිබත්ගොඩ පොලිස් වසමේදී කාන්තාවකගේ මාලයක් කොල්ලකෑමේ අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු
2 කඳාන පොලිස් වසමේදී වෙඩි තබා ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු
3 කඳාන පොලිස් වසමේදී නිවසකට වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු
4 මීගමුව පොලිස් වසමේ දී නිවසකට වෙඩි තැබීමේ අපරාධයේ වෙඩික්කරු
විදෙස්ගතව සිටින අපරාධ හා මත්ද්රව්ය ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත මොහු ඉහත අපරාධ සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.



ප්රතිචාරයක් ලබාදෙන්න