බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අලුත්ම පුවත්
-
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට.
-
ඩෙංගු රෝගීන් ගණන 50,459ක් – මරණ 30ක්.
-
රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් දෙනවා – ඇමති වසන්ත .
-
රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා වෙනුවෙන් පෙනී සිටින බව ජනපති කියයි.
-
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවයි.
-
හෙට සිට දින තුනක් වහළ මත ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල ක්‍රියා විරහිත කරන්නැයි දන්වයි.
-
ජපානයට රික්ටර් මාපක 5.8ක භූචලනයක් .
-
තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්.
-
මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී 40කට ආසන්න පිරිසක් රෝහලට.
-
මැලේසියාවෙන් පිටුවහල් කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු කටුනායකදී අත්අඩංගුවට.



ප්‍රතිචාරයක් ලබාදෙන්න