අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගැනුණි.උඩවලව සෝම විහාරයේ විහාරාධිපති වේවැල්දූව ඥානප්‍රභා ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසය.ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව එය නිශ්ප්‍රභ කිරීමටද කටයුතු කළේය.
අලුත්ම පුවත්
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට
-
නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්
-
දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්



ප්‍රතිචාරයක් ලබාදෙන්න