දෙහිවල වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට..

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.2025.07.24 වන දින දෙහිවල පොලිස් වසමේදී වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.ඒ අනුව ඊයේ (22) දෙහිවල පොලිස් වසමේ මල්වත්ත පාර ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඉහත අපරාධයට ගිනි අවිය හා පතරොම් ලබාදුන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු වයස අවුරුදු 35 ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.පෙර පුවත

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *