ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවය.එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ව තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපතිවරයා මෙහිදී ඇමතීමට නියමිතය.2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී ජපන් රජයේ ආරාධිතයෙකු ලෙස එක්පෝ 2025 ඔසාකා ප්‍රදර්ශනය සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වනු ඇති අතර මෙම ප්‍රදර්ශනය මගින් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය උරුමය සහ ආර්ථික හැකියාවන්ද විදහා දැක්වීම අරමුණු වනු ඇත.තවද මෙමම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ වෙසෙන විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ද ඇමතීමට නියමිතව ඇති බවද විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද එක්වීමට නියමිතව ඇති බවය.
ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න