අල්ලස් කොමිසම මගින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළේය.ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් අද (22) මෙම නියෝගය නිකුත් කර ඇත.ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් බව කියන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ, 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පවත්ව ඇත.එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.එහිදී රු. 8,850,000ක් (ලක්ෂ 88) වන්දි ලබාගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්.
Spread the news
අලුත්ම පුවත්
-
මුදල් අමාත්‍යාංශ ලේකම්ට විරෝධය පළ කරන්න ගිය සුගීෂ්වර ඇතුළු පිරිසට ගොම ප්‍රහාරයක්.
-
කෝටි 2කට අධික කුෂ් සමග ඡායාරූප ශිල්පියෙක් කටුනායකදී අත්අඩංගුවට.
-
මුහුදුබඩ දුම්රියට වාද්දූව පහු කරන්න දින 2ක් ගතවන ලකුණු.
-
හෝමූස් සමුද්‍ර සන්ධියේ අතුරා ඇති බෝම්බ ඉවත් කරන්න මාස 6ක් ගත වෙයි – පෙන්ටගනය.
-
අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්..
-
‘ශ්‍රීලන්කන් එයාර්ලයින්’ නාමය භාවිත කරමින් සිදු කරන මුදල් වංචාවක් ගැන තොරතුරු හෙළි වෙයි .
-
ඉරානය සමඟ සටන් විරාමය දීර්ඝ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්.
-
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්.
-
සුමාත්‍රා දූපත් ආසන්නයේ 5.8ක ප්‍රබල භූකම්පනයක්.
-
ඉන්දීය උප ජනාධිපතිගේ සංචාරය හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න