කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයිකරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ අභාවප්‍රාප්ත වෙයි.

කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ.අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ ඒ මහතා කරන්දෙණිය බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මහීල් මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරි පත් විය.මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ මරණය හෘදයාබාදයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කෙරේ.මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *