රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට අයිතියක් නැහැ – ඉරාන ජනාධිපති.

සෙසු රටවල් ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලයට කිසිදු අයිතියක් නොමැති බව ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් පවසා තිබේ.අසල්වැසි රාජ්‍යන්ගේ භූමි ප්‍රදේශ ද ඇතුළත් වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත යැයි පැවසෙන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ  ‘ග්‍රේට(ර්) ඊශ්‍රායල් ‘ හෙවත් ‍ශ්‍රේෂ්ඨ ඊශ්‍රායලය නම් සැලසුම හෙළා දකිමින් ඔහු මේ බව පවසා ඇත.ඒ චීන මාධ්‍ය ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.එමෙන්ම මැද පෙරදිග කලාපය තුළ ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය ද එහිදී ඔහුගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.අමෙරිකාව ඊශ්‍රායලයට සහාය දැක්වීම ද ඉරාන ජනපතිවරයාගේ විවේචනයට ලක්වූ අතර ඊශ්‍රායලයේ මෙම නීතිවිරෝධි, අසාධාරණ සහ අමානුෂික ක්‍රියා සම්බන්ධව සෙසු රටවල් නිහඬව සිටිය යුතු නැති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *