අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මාලාවේ තවත් අදියරක් ඊයේ (20) දිනයේදී ද දිවයින පුරා කොට්ඨාස මට්ටමින් සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කර තිබේ.එහිදී පුද්ගලයින් 28,372 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් සැකපිට පුද්ගලයින් 714ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.තවද මෙම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 253 දෙනෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 19ක් වූ බවද පොලීසිය සඳහන් කළේය.එමෙන්ම අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 23 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්දව පුද්ගලයින් 4,495 දෙනෙකුටද නීතිය ක්‍රියාත්මක කිරීමටද පොලීසිය මෙහිදී පියවර ගෙන තිබේ
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න