ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්ග් පින් අතර ටික්ටොක් ගණුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය සමග ඇති කර ගත් ටික්ටොක් ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබාගෙන ඇති බවයි.ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡාවක් දකුණු කොරියාවේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.ලබන මස 31 වන දින දකුණු කොරියාවේ ග්යොංජු හි දී ආරම්භ වන ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සංසදයට සමගාමීව සාකච්ඡා සිදුකිරීමට දෙරටේ නායකයින් සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.දෙරට අතර වෙළෙඳාම රුසියාව සහ යුක්රේනය අතර යුද්දය අවසන් කිරීමේ අවශ්‍යතාව හා ටික්ටොක් ගණුදෙනුව අනුමත කිරීම ඇතුලු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න