රනිල් FCIDයට පැමිණෙයි.!

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය.

එම කොට්ඨාසය විසින් සිදුකළ කැඳවීමකට අදාළව ඔහු මෙලෙස පැමිණ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන්.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *