රජයෙන් ගත් වී සහල් කර සතොස නමින් එයි..

“ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් වෙළෙඳපළ වෙත නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතාගේ සහ ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ලංකා සතොස අලෙවි සැලේදී (18) සිදු කෙරිණි.

ඒ අනුව අද සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් හරහා ජාතික සතොස වෙළඳ සන්නාමය යටතේ ඇසුුරුම් කළ නාඩු සහ සුදු කැකුළු සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව ඇත.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාව වන අතර එය පසුගිය රජය සමයේ ඈවර කිරීමට යෙදුණු ආයතනයකි. කෙසේ වෙතත් නව රජය බලයට පත් වීමත් සමඟ එම තීරණය වෙනස් කරමින් එය ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව නමින් නව මුහුණුවරක් යටතේ යළි ආරම්භ කරන ලදි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ නිරන්තර මඟ පෙන්වීම යටතේ ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලට සැපයී‍ම සහ මෙරට ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 23ක්, අදියර වශයෙන් අඛණ්ඩව වෙළෙඳපොළට සැපයීමේ ක්‍රියාවලිය, ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *