අනුරගේ පිනට වටිනා නිල් මැණිකක් හමුවෙයි…

පිරමීඩ හැඩයෙන් යුත් දුර්ලභ ගණයේ කපා ඔපදමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට හමුවී තිබේ.

කෙසේවෙතත් මෙහි වටිනාකම තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වේ.

මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර එය බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් හමු වී ඇත.

එසේම මෙම මැණික් ගලට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරනලද සහතිකයද හිමිව තිබේ.

එහි හිමිකරු පවසා සිටින්නේ, මෙම මැණික ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වී විදෙස් විනිමය උපයා ගැනීමට ඉතා හොඳ අවස්ථාවක් බවය.

Spread the news

Comments

One response to “අනුරගේ පිනට වටිනා නිල් මැණිකක් හමුවෙයි…”

  1. සුපිරි … ජය වේවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *