හංවැල්ල, පහත්ගම ප්රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම ” හිටපු ප්රාදේශීය සභා මන්ත්රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්රී’ ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.
හංවැල්ල පහත්ගම ප්රදේශයේදී ඊයේ (13) රාත්රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
ඊයේ රාත්රී 9.50ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
පොලීසිය පැවසුවේ, පිස්තෝලයකින් වෙඩි ප්රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවය.
වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබේ.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබුවේ ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්ද උඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියායි.
පසුගිය 12 වැනිදා මීගොඩ, ආටිගල මාර්ගයේදී හිටපු ප්රාදේශිය සභා මන්ත්රී ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා මන්ත්රී’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඝාතනය වූ ‘බනා මන්ත්රී’ නැමැත්තාගේ මස්සිනා වන ‘ගගන’ සහ ‘හඳපාන්ගොඩ හඳයා’ නම් අපරාධකරුවන් විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, හඳපාන්ගොඩ හඳයාගේ පාර්ශ්වයෙන් ලලිත් කන්නංගර පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ මඟින් තොරතුරුද ලැබී තිබූ බවය.



ප්රතිචාරයක් ලබාදෙන්න