හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබු පුද්ගලයා 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න