එක මිටට ගොවි බිමට ව්‍යාපෘතිය යටතේ සියනෑපුර බත බුලතින් සරු කරමු තේමා කර ගනිමින් ගම්පහ ආසනයේ සියලු කුඹුරු අස්වැද්දීම වෙනුවෙන් සියලු වාරි ඇලමාර්ග පිරිසිදු කර පිළිසකර කිරීම පෙරේදා (10) බුළුගහගොඩ වැව් ඉස්මත්තේදී ආරම්භ විය.
ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි විමධ්‍යගත අරමුදලින් මිලියන 12ක් වෙන් කර ඇල මාර්ග පිලිසකර කිරීමට තීරණය විය.
මෙම කටයුත්ත නිල වශයෙන් ඊයේ දින ආරම්භ වූ අතර එළඹෙන මහාකන්නයේ සියලු කුඹුරු අස්වැද්දීම සඳහා ගොවීන් හට සවියක් වීම මෙහි අරමුණයි.
මෙමගින් ගම්පහ ඇල මාර්ග 150km පමණ සුද්ද පවිත්‍ර වීම සිදුවේ. ගොවි සමිති, ගමේ ජනතාව එක්ව ශ්‍රම දායකත්වයෙන් මේ ව්‍යාපෘතිය සිදුකිරීමට තීරණය කර ඇත.
මේ සදහා ගම්පහ දිස්ත්‍රික් පා.ම. රුවන් මාපලගම, පා.ම. ලසිත් භාෂණ, ගම්පහ නගරාධිපති එරික් එදිරිවික්‍රම, ගම්පහ ප්‍රාදේශීය සභා සභාපති සෙනරත් පීරිස්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ උප සභාපති චන්ද්‍රමාලී සහෝදරිය ඇතුළු මන්ත්‍රී වරුන් රැසක් එක්විය.. එමෙන්ම ගම්පහ ප්‍රාදේශීය ලේකම්තුමිය,කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් මෙන්ම ගොවිමහතුන් සහ ගම්වාසීන් විශාල පිරිසක් මේ සදහා එක්විය.







ප්‍රතිචාරයක් ලබාදෙන්න