නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පත්වීමේ ලිපිය භාර දෙන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61 E (b) වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව මෙම පත්වීම සිදු කර ඇත.

ඒ අනුව, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා 37 වන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.

ඉහළම තනතුර භාර ගැනීමට පෙර පොලිස් කොස්තාපල්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී යන ප්‍රධාන නිලයන් තුනම සමත් වූ පළමු පොලිස්පතිවරයා ඔහු වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *