රටේ හිඟවූ නාඩු සහල්, හිටපු වෙළෙඳ ඇමැතිගේ සහල් ගබඩාවකින් මතුවේ…

හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දුට අයත් යැයි සැලකෙන සහල් ගබඩාවක් පාරිභෝගික අධිකාරිය මගින් පරීක්ෂා කර තිබේ.

මහා පරිමාණ අයුරින් පවත්වාගෙන යනු ලබන මෙම සහල් ගබඩාව තුළ පසුගිය දිනවල රටේ හිඟ වූ නාඩු සහල් විශාල ප්‍රමාණයක් දැකගත හැකිවූ බවයි වාර්තා වන්නේ.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වෙළඳ ඇමතිකම දැරූ නලින් ප්‍රනන්දු මෙවැනි දැවැන්ත සහල් ගබඩා පවා පවත්වාගෙන යමින් ව්‍යාපාරික කටයුතු කළ මහාපරිමාණ ව්‍යාපාරිකයෙක් බව මෙම සහල් ගබඩාව මගින් ඔප්පුවන බවයි විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ.

Spread the news

Comments

One response to “රටේ හිඟවූ නාඩු සහල්, හිටපු වෙළෙඳ ඇමැතිගේ සහල් ගබඩාවකින් මතුවේ…”

  1. ඇයි මෙයාව අත් අඩංගුවට ගන්නේ නැත්තේ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *