වැරදි කරොත් රැකියාවෙන් වන්දි ගෙවන්න වෙයි – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලීසියට රතු එළියක්.!

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් පොලිස් නිලධාරීන් 58 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පොලීසියට වගේම දෙපාර්තමේන්තුවටත් වැටුපට එහා ගිය වගකීමක් තිබෙන බවත් රැකියාවට ආදරය නොකර වැරදි ක්‍රියාවල නියුක්ත උනොත්, රැකියාවෙන් වන්දි ගෙවීමට සිදුවන බව අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ,

“රජයේ නිලධාරියෙක්, නිලධාරීනියක් හැටියට අපේ වගකීමක් තමා අපි මේ සමාජයට පෙරලා යමක් ලබාදීම. පොලීසිය වගේම දෙපාර්තමේන්තුවත් ඒක වැටුපට එහා ගිය, මුදලට එහා ගිය වගකීමක් කරගන්න ඕනේ.

මොකද අසරණ වෙලා ඉන්න මිනිස්සු පළමුවෙන්ම ඔබ ළඟට තමයි එන්නේ. අඩුපාඩු අත් වැරදීම් ඕන තරම් වෙන්න පුළුවන්. එහෙත් අපට කිසිදු ඉඩකඩක් දෙන්න හැකියාවක් නෑ, හිතාමතා කරන වැරදි සම්බන්ධයෙන්.

නිලධාරීන් 58ක් වැඩ තහනමට ලක් වුණේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි නිසා. මේ වසරේ 310කට ආසන්න ප්‍රමාණයක් වැඩ තහනමට ලක්වෙලා තියෙනවා. මේක හොඳ දෙයක් නෙවෙයි. ඔබ ඔබේ රැකියාවට ආදරය නොකලොත්, මේ වගේ වැරදි ක්‍රියාවල නියුක්ත උනොත්, ඔබට රැකියාවෙන් වන්දි ගෙවන්න වෙනවා.

අපිට සමාජයට සාධරණය, යුක්තිය, නීතිගරුකත්වය දෙන්න බෑ, අපි වැරදි වැඩ කරමින්. ඔබ අවංකව කැපවීමෙන් රාජකාරියේ යෙදී සිටින්නේ නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලුම රැකවරණය අපි අමාත්‍යාංශයක් හැටියට දෙන්න සුදානම්.”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *