කෝටි 42ක පොලු තැබු පියුමිට සහ තාඹුගලට වැඩ වරදී.!

නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල විසින් ගෙවා නැති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අයකර ගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත මේ බව දැනුම් දී ඇත.

2022, 2023 වර්ෂ සදහා අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් සහ පියුමි හංසමාලි නැමැත්තිය රුපියල් මිලියන 225ක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවයි මෙහිදී දේශීය ආදායම් කෙමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *