ප්‍රීති පද්මන් සූරසේන අගවිනිසුරු ලෙස අද දිවුරුම් දෙයි.!

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙරට 49 වැනි අගවිනිසුරුවරයා ලෙස අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.

මෙම පත්වීම සනිටුහන් කිරීම සඳහා උත්සවාකාරයෙන් පැවැත්වෙන රැස්වීමක් බ්‍රහස්පතින්දා (31) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වේ.

විනිසුරු සූරසේන ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට පෙර 1985 දී විද්‍යාවේදී උපාධියක් ලබා ගෙන තිබේ.

ඔහු 1989 දී නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන් අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරයකු ලෙස නීති වෘත්තිය ආරම්භ කළේය.

2007 දී ඔහු මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කරන ලද අතර 2016 ජනවාරි 20 වැනි දින අභියාචනාධිකරණයට උසස් කරන ලදී.

ඔහු 2019 ජනවාරි 9 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වන තෙක් අභියාචනාධිකරණයේ සභාපති ලෙස සේවය කළේය.

විනිසුරු සුරසේන මහතා සිය අධිකරණ ජීවිතය තුළ ඉහළ පෙළේ නඩු කිහිපයකටම නායකත්වය දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *