තායි ප්‍රහාර හමුවේ කාම්බෝජයේ 7ක් මරුට

තායිලන්තය ප්‍රහාර හමුවේ කාම්බෝජයේ සිවිල් වැසියන් හත්දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මතභේදාත්මක දේශසීමා සම්බන්ධයෙන් තායිලන්තය සහ කාම්බෝජය අතර නැවත සටන් ආරම්භ වී ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් අවතැන් වී ඇති බව වාර්තා වේ.

කාම්බෝජ හමුදා දේශසීමාවේ සිදුකර ඇති වෙඩි තැබීමකින් තායිලන්ත සෙබලෙකු මිය ගිය බවට තායිලන්තය විසින් චෝදනා කරයි.

ඒ අනුව තායි හමුදාව විසින් මෙලෙස ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.

තායිලන්තය සහ කාම්බෝජය සියවසකට වැඩි කාලයක් පුරා ඔවුන්ගේ කිලෝමීටර් 817 ක භූමි දේශසීමාව දිගේ භෞමික ස්වෛරීභාවය සඳහා තරඟ කරමින් සිටී.

දේශසීමා ගැටුම් අවසන් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙරට අතර සාම ගිවිසුමකට අත්සන් කරනු ලැබුවේ පසුගිය ඔක්තෝම්බර් 26 වනදාය.

දේශසීමා ගැටුම අවසන් කිරීමේ ඓතිහාසික ජයග්‍රහණයක් ලෙස ට්‍රම්ප් ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබූ අතර, කාම්බෝජය ට්‍රම්ප් ඔහුගේ භූමිකාව වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබුණි.

අත්සන් කර ඇති මෙම සාම ගිවිසුම නවතම ප්‍රහාර හමුවේ අවදානමකට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් තීව්‍ර වූයේ පසුගිය ජූලි මාසයේ අග භාගයේදි වන අතර මේ සමග දෙරට අතර පවතින කිලෝමීටර් 817ක දේශසීමාව මුළුමනින්ම වසා දැමීමටද තායිලන්තය පියවර ගත්තේය.

දෙරට අතර පැවති මෙම ගැටුම් හේතුවෙන් ජූලි මාසයේදී දින පහක කාලයක් තුළ පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් තවත් 300,000ක් පමණ අවතැන් වූ බවද විදෙස් මාධ්‍ය වාර්තාව සඳහන් වේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *