සුඩාන ගුවන් ප්‍රහාර 384කින් පුද්ගලයින් 1,700ක් මරුට

එරට සිවිල් යුද්ධයේ දී සිදුවූ ගුවන් ප්‍රහාර පිළිබඳ සිදුකළ විමර්ශනයකින් මේ බව අනාවරණ වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සුඩාන ගුවන් හමුදාව සිවිල් යුද්ධයේදී එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මේ වනවිට පුද්ගලයින් 1,700ක් මිය ගොස් ඇති බව විමර්ශනයකින් හෙළි වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පාසල් සහ අවතැන් වූ ජනතාව රඳවා සිටි කඳවුරුවලට එල්ල වූ ප්‍රහාරවලින් බව සඳහන් ය.

2023 අප්‍රේල් මාසයේ ආරම්භ වූ යුද ගැටුම්වලදී ගුවන් හමුදාව විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇත.

සුඩානයේ බටහිර කලාපයේ ජනවාර්ගික සමූල ඝාතන සිදුකළ බවට චෝදනා එල්ල කරමින් අමෙරිකාව විසින් සුඩානයට ජන සංහාර චෝදනා එල්ල කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුර සඳහන්ය.

වර්තාවලට අනුව 2023 අප්‍රේල් සිට 2025 ජූලි අතර සිදු කරන ලද ගුවන් ප්‍රහාර සංඛ්‍යාව 384ක් බවට අනාවරණය වී තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *