කොතළහිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලෝකය පුරා ජනප්රිය ශ්රී ලංකාවේ තේ සන්නාමය සහිත ඇසුරුම් කිහිපයක කොතළහිඹුටු කිලෝ ග්රෑම් 21 ක ප්රමාණයක් මෙම චීන ජාතිකයා විසින් අසුරා තිබූ බව නිළධාරීන් පවසයි.
46 හැවිරිදි සැකකරු මෙරටට සංචාරය සඳහා පැමිණි චීන ජාතිකයෙකි.
ඔහු අද අලුයම 01.40 ට චීනයේ කුංමිං නුවර බලා පිටත්ව ගිය චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 714 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විදිවිධාන යටතේ කොතළහිඹුටු ශ්රී ලංකාවෙන් පිටතට රැගෙන යා නොහැකි ආරක්ෂිත ශාක විශේෂයකි.
කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.



ප්රතිචාරයක් ලබාදෙන්න