මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.එසේ භාරවීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙසත් නියෝග කළේය.අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන සම්පත් මනම්පේරිගේ නීතිඥයින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අලුත්ම පුවත්
-
ගෝඨාභය පත් කළ NMRA NMRA විධායක අධ්යක්ෂ කල් ඉකුත් වූ ජලභීතීකා එන්නත් රෝගීන්ට ලබා දී ඇති බව අධිකරණයේදී හෙළි වෙයි.
-
හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි.
-
සලේගේ තත්ත්වය පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක.
-
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් අත්අඩංගුවට.
-
එළැඹෙන නඩු දිනය තෙක් සලේට DO.
-
පොලීසිය සමග පොර බැදීමේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරම්කරුට වෙඩි වදියි.
-
උසස් පෙළ සිසු ගැටුම පිහි ඇනුමකින් අවසන් – සිසුන් 5ක් රෝහල.
-
සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි.
-
හැකරුන් ගැන මහබැංකු අධිපති පළමුවරට කටඅර.
-
පළමු ආපදා මරණය මඩකලපුවෙන්.



ප්‍රතිචාරයක් ලබාදෙන්න