මත්ද්‍රව්‍ය උර සමග ඇල්ලූ බහුදින ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි – යාත්‍රාවේ මත්ද්‍රව්‍ය හෙරොයින් බවටත් අනාවරණය වෙයි.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාව මේ වන විට දික්ඕවිට ධීවර වරායට රැගෙන විත් තිබේ.

ඊයේ (16) දිනයේදී අදාළ බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඒ සමග යාත්‍රාවේ සිටි සැකකරුවන් 4දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ගනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගුදුර මෙහෙයුම් නෞකා ඒකකය මගින් සිදුකළ මෙහෙයුමක් මත මෙම යාත්‍රාව සහ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ගොඩබිමට රැගෙන ඒමෙන් පසු අදාළ මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසු ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් මත්ද්‍රව්‍ය බවට අනාවරණය වූ බවත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

බහුදින ධීවර යාත්‍රාව තුළ ඇතැයි පැවසෙන මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය තවදුරටත් පරීක්ෂාවට ලක් කිරීමට සහ කිරුම් කටයුතු කිරීමට නියමිත අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා භාරදීමට නියමිතව තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *