මට්ටක්කුලියේ සිදුකළ වැටලීමකින් තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී.

ඈෂ් මත්ද්‍රව්‍ය, හෙරොයින් හා මත්පෙති සමඟ සැකකරුවෙකුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඊයේ (29) දහවල් කාලයේ මට්ටක්කුලිය පොලිස් වසමේ සිරිවර්ධන පාර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇත.

එහිදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33 ග්‍රෑම් 270 ක්, හෙරොයින් ග්‍රෑම් 408 ක්, මත්පෙති 200 ක් හා විකිණීම සඳහා සකස් කර තිබූ හෙරොයින් (චරස්) කෑලි 7,400 ක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානය  වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු වයස අවුරුදු 38 ක් වන සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.    

මෙම සැකකරු ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතයෙකු බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *