.
මොණරාගල පාසල් සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ස්ථානයක් වටලා මත්ගුලි සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුවයි වැටලීම කර තිබෙන්නේ.
එම ස්ථානයේ තිබී මත් ගුලි 76ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කාන්තාව මොණරාගල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 58 ක තැනැත්තියක බවයි වාර්තා වන්නේ.
සැකකාර කාන්තාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.



ප්‍රතිචාරයක් ලබාදෙන්න