ඊශ්‍රායලය ගාසා නගරයට දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ ප්‍රධාන ගොඩබිම් ප්‍රහාරයක් දියත් කර තිබේ.විදෙස් වාර්තා සඳහන් කළේ මෙම හමුදා ප්‍රහාරවලට අමතරව ඊයේ (16) රත්‍රියේ දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවය.ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් අවම වශයෙන් 386 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසයි.බ්‍රිතාන්‍යයේ සහ අනෙකුත් රටවල විවේචන හමුවේ හමාස් සංවිධානයේ අවසාන ප්‍රධාන බලකොටුවට එරෙහිව මෙහෙයුමක් දියත් කර ඇති බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබේ.ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම ප්‍රකාශ කිරීමත් සමඟ මෙම ප්‍රහාරය සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.ඊශ්‍රායල ආරක්ෂක හමුදා ඇස්තමේන්තුවට අනුව ගසා තීරයේ ජනතාව 3,050,000 ක් පමණ මේ වන විටත් ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
අලුත්ම පුවත්
-
රු. කෝටි 5කට අධික ‘කුෂ්’ සහ ‘හෂීෂ්’ සමඟ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට.
-
චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට.
-
අධික උෂ්ණත්වය හේතුවෙන් යාල කලාප දෙකක් වසා දැමීමට තීරණයක්.
-
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී.
-
ලබන 15 සිට තායිලන්තයට යන ශ්‍රී ලාංකිකයන්ට වීසා අනිවාර්යයි
-
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට.
-
නාමල්ට ගෙදරින් කෑම කන්න අවසර.
-
විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු.
-
2026 වසරේ පළමු භාගය තුළ ඉන්ධන ආනයන වියදම් ගැන අගමැතිනියගෙන් හෙළිදරව්වක්
-
22ට එරෙහි තවත් පෙත්සම් 2ක පිටපත් කථානායකට



ප්‍රතිචාරයක් ලබාදෙන්න