අලි කොටආර ජලාශයේ සිට කිරිඳිඔය ඔස්සේ පහළට ගලා බසින ජලයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුග යාය ප්‍රදේශයට ජලගැලීමක් සිදුවිය හැකි බවට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
ඒ, රාවණා ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණ තද වර්ෂාව හේතුවෙනි.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිව සිටින පවුල් 40ක් පමණ දැනුවත් කිරීමට මොණරාගල ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න