සූකර උණ රෝගය පාලනය කරන්න පසුගිය ආණ්ඩුව කටයුතු කළේ නැහැ… දැන් සූකර ගොවිපොළ සියල්ල විනාශ වෙලා – මන්ත්‍රී චන්දන සූරියආරච්චි

පසුගිය වසරේ සිටම අප්‍රිකානු සූකර උණ ලංකාවේ පැතිරෙන බව වාර්තා වුවත් එවක රජය සහ බලධාරීන් එය පාලනය කිරීමට පියවර නොගත් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.

ඒ හේතුවෙන් අද වන විට මෙරට සූකර ගොවිපොල සියල්ල මුළුමනින්ම විනාශ වී ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.

කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව විෂයභාර ඇමැතිවරයා ඇතුළු සියලු පාර්ශ්ව එක් කරගෙන මෙම ගැටලුව විසඳාගෙන නැවත එම කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බව ද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *